AFC Banner
Empty Ad
Empty Ad

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ තරුණයින්ට සිල්ලරට හෙරොයින් විකුණලා

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ රැකියාවල නිරත වී සිටින මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති තරුණ සේවකයන් හට හෙරොයින් අලෙවි කරමින් සිටි ජාවාරම්කරුවෙකු අද (08) දින කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

සැකකරු තමන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීවරයෙකු ලෙස පවසමින්, කටුනායක ප්‍රදේශයේ ගැවසෙමින් මෙසේ හෙරොයින් ජාවාරමේ නිරත වී තිබුණා.

මෙම සැකකරු කොළඹ ප්‍රදේශයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය තොග වශයෙන් රැගෙන විත්, කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් හට සිල්ලර වශයෙන් අලෙවි කිරීම කාලයක් සිට සිදු කර ඇති අතර මොහු ද දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටින්නෙකු බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

මොහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් මිලි ග්‍රෑම් 2,400ක් ද පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මෙසේ අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ මෙම ජාවාරම්කරුවා අද(08) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක පොලිසිය සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?