කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ තරුණයින්ට සිල්ලරට හෙරොයින් විකුණලා

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ රැකියාවල නිරත වී සිටින මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති තරුණ සේවකයන් හට හෙරොයින් අලෙවි කරමින් සිටි ජාවාරම්කරුවෙකු අද (08) දින කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

සැකකරු තමන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීවරයෙකු ලෙස පවසමින්, කටුනායක ප්‍රදේශයේ ගැවසෙමින් මෙසේ හෙරොයින් ජාවාරමේ නිරත වී තිබුණා.

මෙම සැකකරු කොළඹ ප්‍රදේශයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය තොග වශයෙන් රැගෙන විත්, කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් හට සිල්ලර වශයෙන් අලෙවි කිරීම කාලයක් සිට සිදු කර ඇති අතර මොහු ද දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටින්නෙකු බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

මොහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් මිලි ග්‍රෑම් 2,400ක් ද පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මෙසේ අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ මෙම ජාවාරම්කරුවා අද(08) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක පොලිසිය සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34