කටුනායක ගුවන් තොටුපොළේ ඉතිහාසගතවන මත්ද්‍රව්‍ය වැටලීමක්

රුපියල් තිස්හත් කෝටි හැත්තෑ ලක්ෂයක්ව ටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු ඊයේ (19) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ මෙතරම් විශාල වටිනාකමක් සහිත හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය වනවා.

ඇමෙරිකානු ඩොලර් 206ක් වැනි විශාල මුදලක් ගෙවා කටුනායක ගුවන් තොටුපොළේ ‘ගෝල්ඩි රූට’ විශේෂ ගුවන් මගී පර්යන්තය භාවිත කරමින් මෙරට තුළට මෙම මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒමට අදාළ ගුවන් මගියා උත්සාහ දරා ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ගුවන් මගියා 23 හැවිරිදි වියේ පසුවන ඩොමිනිකානු ජනරජයේ පුරවැසිභාවය හිමි එරට සරසවියක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
.
මොහු මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් ලබාගෙන , ඩුබායි වෙත පැමිණ එතැන් සිට ඊයේ (19) රාත්‍රියේ 11.15ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ කිලෝ ග්‍රෑම් 37 ග්‍රෑම් 639ක් බරැති මෙම මත්ද්‍රව්‍ය තොගය පැකැට් 146 ක් තුළ අසුරා සඟවාගෙන මෙරට රැගෙනවිත් තිබු බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර ගුවන් මගියා සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57