කටුනායක ගුවන්තොටුපොළේ ඊයේ (25) ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් අද (26) විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම විශේෂ සාකච්ඡාව කැඳවා ඇති බවයි වාර්තා වුණේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ, නිදහස් සේවක සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම සාකච්ඡාව සඳහා එක්වීමට නියමිතයි.
ගුවන් ගමන් ප්‍රමාද වීම හා අවලංගු වීම හේතුවෙන් මගීන්ගෙන් ගුවන්තොටුපොළේ කාර්ය මණ්ඩලයට එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඊයේ (25) අලුයම ගුවන්තොටුපොළේ යම් නොසන්සුන්තාවයක් ඇතිව තිබුණා.
මේ අතර මෙම තත්ත්වයත් සමඟ අපහසුතාවට පත් මගීන්ගෙන් සමාව අයදින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.




