කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවක ගින්නක්

කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා මේවනවිට ගිනි නිවන රථ 07ක් යොදවා ඇති බව පොලිසිය පවසනවා.

Update 02/03/2021 10.36AM

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක ඇති වු ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ. 

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්ත ශාලාවක අද (03) උදෑසන මෙම ගින්න හටගෙන තිබුණි.

ඒ අනුව ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා ගිනි නිවීමේ ඒකකය, මීගමුව නගර සභාව, පොලීසිය මෙන්ම ගුවන් හමුදාව ද එක්වු බව කටුනායක පොලීසිය පැවසීය.

එම කටයුතු සඳහා ගිනි නිවීමේ රථ 08ක් යොදාගත් බව ද පොලීසිය සඳහන් කළේය.

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලාවේ කසළ පිළිස්සුම් ස්ථානයකින් ගින්න හටගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

ගින්නෙන් පසුව අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 30 දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

මීගමුව රෝහලේ අධ්‍යක්ෂ එන්. ලෝගනාදන් මහත්මිය Gossiplankanews.lk වෙබ් අඩවියට පැවසුවේ, ගින්නෙන් පසුව ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් මෙම සේවකයින් රෝහල් ගත කර ඇති බව ය. 

කෙසේවෙතත්, රෝහල් ගත කළ සේවකයින්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් මේ වන විට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් මීගමුව රෝහලේ අධ්‍යක්ෂවරිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?