කටුනායකට ආ ඉන්දියානුවාගේ ගමන් මල්ලේ කෝටි අටක කුෂ්

කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේ සිදුකරන ලද වැටලීමක දී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 542ක් මෙරටට ගෙන ආ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) දහවල් කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ “රැන්ඩි” නැමැති පොලිස් නිල සුනඛයා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක ඉන්දීය ජාතිකයෙක්.

සැකකරු විසින් ගෙන ආ මල්ල තුළ පැකැට් 16 ලෙස සකස් කර ඇසුරුම්කර තිබිය දී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් අටකෝටි පනස්හතර ලක්ෂ විසිදහසක් පමණ වනවා.

අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයා සහ කුෂ් මත්ද්‍රව්‍ය තිගය අද (14) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?