කටුනායකට ආ ඉන්දියානුවාගේ ගමන් මල්ලේ කෝටි අටක කුෂ්

කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේ සිදුකරන ලද වැටලීමක දී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 542ක් මෙරටට ගෙන ආ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) දහවල් කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ “රැන්ඩි” නැමැති පොලිස් නිල සුනඛයා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක ඉන්දීය ජාතිකයෙක්.

සැකකරු විසින් ගෙන ආ මල්ල තුළ පැකැට් 16 ලෙස සකස් කර ඇසුරුම්කර තිබිය දී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් අටකෝටි පනස්හතර ලක්ෂ විසිදහසක් පමණ වනවා.

අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයා සහ කුෂ් මත්ද්‍රව්‍ය තිගය අද (14) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32