මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සොයමින් සිටි සැකකරුවෙක් ඊයේ (29) දින රාත්‍රී අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය සමත්ව තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .
2025 මැයි මස 10වන දින දෙහිවල පොලිස් වසමේ මුහුදුබඩ මාර්ගයේ දී ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙම සැකකරු සොයමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1















