මහනුවර – කොළඹ ප්රධාන මාර්ගයේ කජුගම ප්රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
පැවති වර්ෂා සහිත කාලගුණයත් සමඟ අද (05) උදෑසන 07:00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, ඒ අතර ලංගම බස් රථයේ රියදුරු ද සිටින බවයි වාර්තා වන්නේ.
පෞද්ගලික බස් රථය අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යාමේ දී ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.





ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
2
+1
5
+1
14
+1
7
+1
4













