කංජිපානි ඉම්රාන් තමිල්නාඩුවට පැන යයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙක් වන වන කංජිපානි ඉම්රාන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වෙත පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

තමිල්නාඩු බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර වෙරළබඩ දිස්ත්‍රික්කවල ඉහළ පොලිස් නිලධාරීන්ට දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙසටයි.

කුප්‍රකට පාතාල කල්ලි නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි’ ඉම්රාන් මෙරට අධිකරණයකින් ඇප මත මුදාහැර දින කිහිපයකට පසු මෙලෙස රාමේෂ්වරම් ප්‍රදේශයට යාම විශේෂත්වයක්.

වෙරළබඩ දිස්ත්‍රික්කවල සෝදිසියෙන් සිටින ලෙසට සහ දෙසැම්බර් 25 වන දින රාමනාතපුරම් දිස්ත්‍රික් වෙරළ තීරයට ගොඩ බැස ඇති කංජිපානි ඉම්රාන් මෙන්ම ඔහුගේ සගයා පිළිබඳ සොයා බලන ලෙසටයි තමිල්නාඩු බුද්ධි අංශ ප්‍රාන්තය පුරා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අනතුරු අඟවා ඇත්තේ.

පුද්ගල ඝාතන සහ සාපරාධී බිය ගැන්වීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යව සිටි කංජිපානි ඉම්රාන් 2019 දී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබුණා.

සැකකරු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි පසුගියදා අධිකරණය ඔහු නිදහස් කරනු ලැබුවේ.

ඇප මත මුදා හැරීමෙන් පසු සැකකරු ඉන්දියාවට ඇතුළු වීමට සැලසුම් කර ඇති බවට මධ්‍යම බුද්ධි අංශවලින් සහ විශ්වාසදායක ආරංචි මාර්ගවලින් රාජ්‍ය බුද්ධි අංශයට නිශ්චිත තොරතුරු ලැබී තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔහු වෙස් වළාගෙන අධිකරණයෙන් පිටව යාමෙන් අනතුරුව තලෙයිමන්නාරමට ගොස් එහි සිට ඔහුගේ සගයන් මාර්ගයෙන් ඉන්දියාවට පැන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටි බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

කංජිපානි ඉම්රාන් යනු ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ රොයින් සහ කොකේන් සැපයුම්කරුවන් සමඟ දැඩි සම්බන්ධතා ඇති මත්ද්‍රව්‍ය රජෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකකරු තමිල්නාඩුවට ඇතුළුවීම සිදුවන්නේ අපරාධ චෝදනාවලට ලක්ව සිටින විදේශීය ජාතිකයන් රඳවා සිටින තිරුචි හි විශේෂ කඳවුරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් ජාතික විමර්ශන ඒජන්සිය හෙළිදරව් කරන පසුබිමකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?