ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජග්‍රහණය

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද තරගය ආරම්භ වූයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසිය වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායකයා පළමුව පන්දු යැවීමට තීරනය කළා.

ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු 15ක් රැස් කර ගත්තේ පන්ඳුවාර තුනක් ඇතුළතයි.

පැට් කමින්ස්ගේ පන්දුවකට පැතුම් නිශ්ශංක ලකුණු හතකට දැවී යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 15 ට එක් කඩුල්ලක් ලෙසින් දැක්වුනා.

ඉන් අනතුරුව චරිත් අසලංක සහ කුසල් ජනිත් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 63 ක අගනා වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගුවා.

පන්දු 27 කදී හතරේ පහර හතරක් සහ එක් හයේ පහරක් සමගින් චරිත් අසලංක ලකුණු 35ක් ලබාගත් අතර ඔහු දැවී ගිය ඇඩම් සම්පාගේ පන්දුවකට ස්ටීව් ස්මිත් රැකගත් උඩපන්දුවක් හේතුවෙන්.

ඉන් අනතුරුව කුසල් ජනිත් පෙරේරා ලකුණු 35 කට දැවී ගියා.

ඔහුගේ ලකුණු 35 තුළ හතරේ පහර හතරක් සහ එක් 6 පහරක් අන්තර්ගතව තිබුණා.

ඔහු මිෂෙල් ස්ටාක්ගේ විෂිශ්ට පන්දුවක් හමුවේ දැවී ගියා.

ඉන් පසු පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ට සහ වනිදු හසරංග ට ලබා ගත හැකිවූයේ ලකුණු 4 බැගින් පමණයි.

ඔවුන් දෙදෙනා පිළිවෙලින් අඩම් සම්පාගේ සහ මිෂෙල් ස්ටාර්ක් ගේ පන්දු හමුවේ දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 94කට කඩුලු 5ක් වශයෙන් සටහන් කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හයවෙනි කඩුල්ල ලෙස දැවී ගියේ නායක දසුන් ශානකයි.

ඔහු ලකුණු 12 කට දවා ගන්නට පැට් කමින්ස් සමත් වුනා.

ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට ප්‍රබල උත්සාහයක් ගත් භානුක රාජපක්ෂ ඉනිම නිමාවනවිට නොදැවී ලකුණු 33 ලබා සිටියේ පන්දු 26 මුහුණ දෙමින්.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මිෂෙල් ස්ටාර්ක්, පැට් කමින්ස්, සහ ඇඩම් සම්පා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ලකුණු  155ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑම ඇරඹූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු කඩුල්ල සඳහා පන්දු ඕවර 6.5ක් තුලදී ලකුණු 70ක් රැස්කර ගත්තා.

ආරම්භක පිතිකරු ආරොන් ෆ්න්ච් ලකුණු 37 ලබා සිටියදී වනිදු හසරංග ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඉන්පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකුවෙකු වන ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 5ක් ලබා සිටියදී දවා ගන්නට වනිදු හසරංග සමත්වුණා.

ලකුණු 18 ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීර ගේ පන්දු හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත්ට ලබා දුන් පහසු උඩ පන්දුව අත්හැරීමේ වාසිය ලබාගත් ඩේවිඩ් වෝනර් ලකුණු 65 ක් රැස්කර ගත්තේ පන්දු හතළිස් එකක් තුළදීයි.

ඔහු ක්‍රීඩාගාරයට ගියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන්වැනි කඩුල්ල ලෙසටයි.

ඒ වනවිටත් ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම ඔහු විසින් සකසා තිබුණා.

පන්දු 42කින් වාර්තා වූ වෝනර්ගේ ලකුණු 65 ඇතුලත හතරේ පහර 10ක් ඇතුළත්ව තිබුණා.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු එක්සිය 155 සීමාව පන්දු වාර 17ක් තුළදී කඩුළු 3ක් පමනක් බිඳ වැටී සපුරා ගන්නට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් සමත් වුණා.මේ ජයග්‍රහණය සමඟ ප්‍රසාද ලකුණු දෙකක් හිමිකර ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59
Video thumbnail
ආණ්ඩුවේ වැඩ නිසා රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..අපි හදපු දරුවව පෝෂණය කරගන්න ආණ්ඩුවට බෑ
11:23
Video thumbnail
ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනවා
04:36
Video thumbnail
සෙනඟත් එක්ක ආ නාමල්ට සහ ශිරන්තිට කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..දේශපාලන සංදර්ශන අවශ්‍ය වෙන්නේ නෑ
04:53
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56


?