ඕමානයේ ආරක්ෂිත නිවාසවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර

දැනට ඕමානයේ ආරක්ෂිත නිවාසවල සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය ගැටලු විසඳීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියාසිටියේ ඕමානයේ ‘සුරක්ෂා’ ආරක්ෂිත නිවාසවල සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 59 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට අදාළ නීතිමය ගැටලු විසඳීමට රජය උත්සාහ කරමින් සිටින බවයි.

පවතින ගැටළු නිරාකරණය කර කඩිනමින් එම කාන්තාවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඕමානයේ සිව්දින සංචාරයක නිරත අමාත්‍යවරයා මිනිස් ජාවාරම් වැළැක්වීමට සහ පුහුණු ශ්‍රමිකයින් සඳහා විශාල රැකියා වෙළඳපොළක් සොයා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික පියවර පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

ඔහු සුරක්ෂා නිවාස වෙත ගොස් එහි සිටින කාන්තාවන්ගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් ද විමසීම් කළා.

මෙම කාන්තාවන් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බවත් ඒ හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා තොරතුරු වාර්තා කිරීමේදී වඩාත් වගකීමෙන් කටයුතු කරන ලෙසටයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

“ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක වෙනවා. එහි කාර්ය මණ්ඩලය සහ පරිවර්තකයන් හිඟයි. මෙම ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට බලා සිටින විදේශගත ශ්‍රමිකයන්ගේ නීතිමය ගැටලු විසඳීම ප්‍රමාද වී ඇත. මෙම කාන්තාවන් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් අයථා මාර්ගවලින් විදේශගත වූවන්, ඇතැමුන් සංචාරක වීසා යටතේ ගොස්, ඇතැමුන් විවිධ වැරදි කර ඇති, ඇතැමුන්ට හිඟ මුදල් තවමත් ලැබිය යුතුව ඇත. පවතින ගැටලු නිරාකරණය කර මෙම කාන්තාවන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පුහුණු වෘත්තිකයන් සඳහා ඕමානයේ රැකියා අවස්ථා අවශ්‍ය තරම් ඇති අතර, සුදුසුකම්, පළපුරුද්ද සහ වෘත්තීයභාවය තිබෙන ඕනෑම ශ්‍රී ලාංකිකයකුට ඕමානයේ රැකියා සඳහා දොරටු විවර ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිනිස් ජාවාරම වැළැක්වීම, රැකියා ගිවිසුම් සම්බන්ද ගැටළු විසදීම සදහා යාන්ත්‍රණයක් සකස් කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් සඳහා ඕමානයේ රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර ඕමානයේ කම්කරු අමාත්‍ය මහාචාර්ය Mahad Said Bawan හා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අමාත්‍යවරයාගේ සිව් දින ඕමාන නිල සංචාරයේ ප්‍රධාන අරමුණු අතර දැනට ක්‍රියාත්මක මිනිස් ජාවාරම මැඩලීමට ගත හැකි උපරිම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම සහ මෙරට පුහුණු වෘත්තිකයන් සඳහා ඕමානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කර ගැනීම යි.

ඒ අනුව මිනිස් ජාවාරම මැඩලීම සඳහා දෙරටට ගත හැකි ක්‍රියාමාර්ග සහ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙලෙස ඕමානයේ කම්කරු අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?