ඕමානයේ ආරක්ෂිත නිවාසවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර

දැනට ඕමානයේ ආරක්ෂිත නිවාසවල සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය ගැටලු විසඳීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියාසිටියේ ඕමානයේ ‘සුරක්ෂා’ ආරක්ෂිත නිවාසවල සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 59 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට අදාළ නීතිමය ගැටලු විසඳීමට රජය උත්සාහ කරමින් සිටින බවයි.

පවතින ගැටළු නිරාකරණය කර කඩිනමින් එම කාන්තාවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඕමානයේ සිව්දින සංචාරයක නිරත අමාත්‍යවරයා මිනිස් ජාවාරම් වැළැක්වීමට සහ පුහුණු ශ්‍රමිකයින් සඳහා විශාල රැකියා වෙළඳපොළක් සොයා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික පියවර පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

ඔහු සුරක්ෂා නිවාස වෙත ගොස් එහි සිටින කාන්තාවන්ගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් ද විමසීම් කළා.

මෙම කාන්තාවන් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බවත් ඒ හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා තොරතුරු වාර්තා කිරීමේදී වඩාත් වගකීමෙන් කටයුතු කරන ලෙසටයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

“ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක වෙනවා. එහි කාර්ය මණ්ඩලය සහ පරිවර්තකයන් හිඟයි. මෙම ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට බලා සිටින විදේශගත ශ්‍රමිකයන්ගේ නීතිමය ගැටලු විසඳීම ප්‍රමාද වී ඇත. මෙම කාන්තාවන් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් අයථා මාර්ගවලින් විදේශගත වූවන්, ඇතැමුන් සංචාරක වීසා යටතේ ගොස්, ඇතැමුන් විවිධ වැරදි කර ඇති, ඇතැමුන්ට හිඟ මුදල් තවමත් ලැබිය යුතුව ඇත. පවතින ගැටලු නිරාකරණය කර මෙම කාන්තාවන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පුහුණු වෘත්තිකයන් සඳහා ඕමානයේ රැකියා අවස්ථා අවශ්‍ය තරම් ඇති අතර, සුදුසුකම්, පළපුරුද්ද සහ වෘත්තීයභාවය තිබෙන ඕනෑම ශ්‍රී ලාංකිකයකුට ඕමානයේ රැකියා සඳහා දොරටු විවර ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිනිස් ජාවාරම වැළැක්වීම, රැකියා ගිවිසුම් සම්බන්ද ගැටළු විසදීම සදහා යාන්ත්‍රණයක් සකස් කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් සඳහා ඕමානයේ රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර ඕමානයේ කම්කරු අමාත්‍ය මහාචාර්ය Mahad Said Bawan හා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අමාත්‍යවරයාගේ සිව් දින ඕමාන නිල සංචාරයේ ප්‍රධාන අරමුණු අතර දැනට ක්‍රියාත්මක මිනිස් ජාවාරම මැඩලීමට ගත හැකි උපරිම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම සහ මෙරට පුහුණු වෘත්තිකයන් සඳහා ඕමානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කර ගැනීම යි.

ඒ අනුව මිනිස් ජාවාරම මැඩලීම සඳහා දෙරටට ගත හැකි ක්‍රියාමාර්ග සහ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙලෙස ඕමානයේ කම්කරු අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32