ඔස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මාන් කවාජාට ICCයෙන් දඬුවමක් ?

පාකිස්ථානයට එරෙහිව පර්ත් හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී කළු පටියක් පැළැඳ ක්‍රීඩා කිරීම මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති උල්ලංගණය කළ බවට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මාන් කවාජා වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා එල්ලකර තිබේ.

අවසරයකින් තොරව එවැනි ක්‍රියාවක් සිදුකිරීම හේතුවෙන් ඇඳුම් සහ උපකරණවලට අදාළ නියමයන් කඩ කිරීම යටතේ කවාජාට එරෙහිව දඬුවම් නියම කිරීමට නියමිතය.

කෙසේ වෙතත් ඔහු මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ ගාසා තීරය තුළ සිදුවන අපරාධවලට විරෝධය පළ කිරීම සඳහායි.

එමෙන්ම මීට පෙර උස්මාන් කවාජා පකිස්තානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට පෙර පුහුණු සැසිවලදී පැලඳි පාවහන් යුගලය, තරඟ අතරතුරදී පැලඳීම ICC ය විසින් තහනම් කර තිබුණා

ඒ, ‘සියලු ජීවිත සමානයි’ සහ ‘නිදහස යනු මානව අයිතිවාසිකමක්’ යනුවෙන් සටහන් කර තිබීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?