ඔස්ට්‍රේලියා යන්න ‘තේජාන්’ ධීවර යාත්‍රාව පැහැරගෙන තිදෙනෙකු මරා දැමූ 7කට මරණ දඩුවම (වීඩියෝ)

2012 වසරේ ඔක්තෝම්බර් මසයේදී 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාට පලායාමේ අරමුණින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවේ නිරතව සිටි ‘තේජාන්’ ධීවර යාත්‍රාව පැහැර ගැනීම සඳහා එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර තවත් ධීවරයින් කිහිපදෙනෙකුට බරපතල තුවාල සිදුකර ඔස්ට්‍රේලියාට යෑම ඇතුළු සිද්ධියේ චොදනා වලට හත් දෙනෙකු වරදකරුවන් ලෙස නම් කරමින් කොළඹ මහාඅධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද (24) දින මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

එම නඩුවේ දහවන විත්තිකාරිය ලෙස නම් කර තිබූ තැනැතිය සියළු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළා.

මරණීය දණ්ඩනය නියම කළ අධිචෝදන තුනට අමතරව සෙසු අධිචෝදන හයකට එම විත්තිකරුවන්ට බරපතල වැඩසහිත වසර 29ක සිර දඩුවම්ද නියම කළ විනිසුරුවරයා රුපියල් මිලියන දෙකයි අටදාස්පන්සීය බැගින් වූ දඩයක් ගෙවීමටද නියම කළා.

මරණ දණ්ඩනයට අමතරව නියම කරනු ලැබූ සිරදඩුවම් එක වර ගෙවීයන ලෙසටද විනිසුරුවරයා එහිදී නියම කළා.

නීතිපතිවරයා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් එකොලොස් දෙනෙකුට එරෙහිව කොළඹ මහාඅධිකරණ හමුවේ නඩු පවරා තිබුණු අතර ඉන් විත්තිකරුවන් තිදෙනෙකු නඩු විභාගය අතරතුරදී හෝ නඩු විභාගය ආරම්භවීමට පෙර මිය ගොස් තිබීම හේතුවෙන් අධිකරණය හමුවේ නඩු කටයුතු මෙහෙයවනු ලැබුවෙ විත්තිකරවන් අටදෙනෙකුට එරෙහිවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?