ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යය ජනපති සහභාගිත්වයෙන්

හොරණ, ඓතිහාසික ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යය සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ සිදු කෙරුණා.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ඔලබොඩුව රජ මහා විහාරාධිපති, පූජ්‍ය උඩුවේ හේමාලෝක නායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා පිරිකර පූජා කිරීමෙන් අනතුරුව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳව විමසා බලමින් උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක ද නිරත වී තිබෙනවා.

2023 නවම් මහ පෙරහර පිංකම් මාලාව ආරම්භ කිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙහිදී විශේෂ සමරු සටහනක් ද තැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඉන් අනතුරුව ධාතු මන්දිරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත් අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.

රටට සහ රටවැසි ජනතාවට සෙත් පතමින් නවම් මහා පෙරහර මංගල්‍යයට සමගාමීව තිස් පැය හතේ පිරිත් දේශනයක් ද විහාරස්ථානයේ දී පැවැත් වුණා.

සධාතුක කරඬුව වැඩම කරවීම සහ චාරිත්‍රානුකූලව දැහැත් පිළිගන්වා මහා සංඝරත්නයට පිරිත් දේශනය සඳහා ආරාධනා කිරීම සිදු කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.

මෙම අවස්ථාවට එක්ව සිටී ශ්‍රි සුමංගල දහම් පාසලේ දරුවන් සමඟ ද සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48