ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යය ජනපති සහභාගිත්වයෙන්

හොරණ, ඓතිහාසික ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යය සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ සිදු කෙරුණා.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ඔලබොඩුව රජ මහා විහාරාධිපති, පූජ්‍ය උඩුවේ හේමාලෝක නායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා පිරිකර පූජා කිරීමෙන් අනතුරුව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳව විමසා බලමින් උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක ද නිරත වී තිබෙනවා.

2023 නවම් මහ පෙරහර පිංකම් මාලාව ආරම්භ කිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙහිදී විශේෂ සමරු සටහනක් ද තැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඉන් අනතුරුව ධාතු මන්දිරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත් අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.

රටට සහ රටවැසි ජනතාවට සෙත් පතමින් නවම් මහා පෙරහර මංගල්‍යයට සමගාමීව තිස් පැය හතේ පිරිත් දේශනයක් ද විහාරස්ථානයේ දී පැවැත් වුණා.

සධාතුක කරඬුව වැඩම කරවීම සහ චාරිත්‍රානුකූලව දැහැත් පිළිගන්වා මහා සංඝරත්නයට පිරිත් දේශනය සඳහා ආරාධනා කිරීම සිදු කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.

මෙම අවස්ථාවට එක්ව සිටී ශ්‍රි සුමංගල දහම් පාසලේ දරුවන් සමඟ ද සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?