AFC Banner
Empty Ad
Empty Ad

ඔමික්‍රෝන් ව්‍යසනයක්,මෙරට දැඩි අවධානම් තත්වයක්

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ මෙරට දැවැන්ත ආසාදන රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

ඒ හේතුවෙන් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සහ නිසි සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම සිදුකළ යුතු බව එම සංගමය පෙන්වාදෙයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ සංසරණය වෙමින් පවතින වාතාවරණය තුළ උත්සව සමයේ ජනතාවගේ හැසිරීම සැළකිල්ලට ගැනීමේදී දැවැන්ත ආසාදන රැල්ලක් ඇති වීම වැළැක්විය නොහැකි බව ඔවුන් පවසයි.

මෙතෙක් ප්‍රමුඛව පැවති ඩෙල්ටා ප්‍රභේදය අභිබවමින් ලොව බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතළ නොවූවද පැතිරීමේ ඉහළ හැකියාව තුළ රෝගීන් සංඛ්‍යාව වැඩිවීම සෞඛ්‍ය පද්ධතියට බලපෑම් එල්ල කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වාදෙයි.

මේ වන විටත් මෙරට ඉලක්කගත ජනගහනයෙන් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තේ සියයට 25ක් පමණක් වන අතර ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගී තත්ත්වයන්ට පත්වීම, රෝහල් ධාරිතාව ඉක්මවා යාම හා රට තවදුරටත් ආර්ථික ව්‍යසනයට රැගෙන යාම වළක්වා ගැනීම සඳහා බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස එම සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර ඔමික්‍රෝන් ව්‍යාප්තිය ව්‍යසනයක් බවට පත්වීම වළක්වා ගැනීම සඳහා තවදුරටත් හැකියාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඔමික්‍රොන් ප්‍රභේදය මේ වන විට ලංකාවේ හමුවෙලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මේක සැරිසරනවා කියන එක කාටත් රහසක් නෙමේ. මේ වන විට අපි දන්නේ නෑ පසුගිය සතියක් වැනි කාලය තුළ නොයෙකුත් දේවල් පැවතුණා. ජනතාව ඒකරාශ්‍රී වුණා. ඒ අනුව මොන ආකාරයේ ප්‍රතිඵලයක් ඉදිරි සතියක් දෙකක් ඇතුළත ඇති වෙයිද කියලා දන්නේ නෑ.  නමුත් මට ලොකු විශ්වාසයක් තියෙනවා අපි සියලුදෙනා එක්රැස් වෙලා වගකීමෙන් කටයුතු කළොත් මේ ඔමික්‍රෝන් රෝගය ව්‍යවසනයක් නොවී අපිට කලමනාකරණය කර ගන්න පුළුවන් වෙයි කියලා. ඒ සම්බන්ධයෙන් අපට කරන්න තියෙන වැදගත්ම දේ තමා අපි සෞඛ්‍ය පුරුදු හැකි පමණින් අනුගමනය කරන එක”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?