ඔමික්‍රෝන් ව්‍යසනයක්,මෙරට දැඩි අවධානම් තත්වයක්

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ මෙරට දැවැන්ත ආසාදන රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

ඒ හේතුවෙන් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සහ නිසි සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම සිදුකළ යුතු බව එම සංගමය පෙන්වාදෙයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ සංසරණය වෙමින් පවතින වාතාවරණය තුළ උත්සව සමයේ ජනතාවගේ හැසිරීම සැළකිල්ලට ගැනීමේදී දැවැන්ත ආසාදන රැල්ලක් ඇති වීම වැළැක්විය නොහැකි බව ඔවුන් පවසයි.

මෙතෙක් ප්‍රමුඛව පැවති ඩෙල්ටා ප්‍රභේදය අභිබවමින් ලොව බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතළ නොවූවද පැතිරීමේ ඉහළ හැකියාව තුළ රෝගීන් සංඛ්‍යාව වැඩිවීම සෞඛ්‍ය පද්ධතියට බලපෑම් එල්ල කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වාදෙයි.

මේ වන විටත් මෙරට ඉලක්කගත ජනගහනයෙන් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තේ සියයට 25ක් පමණක් වන අතර ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගී තත්ත්වයන්ට පත්වීම, රෝහල් ධාරිතාව ඉක්මවා යාම හා රට තවදුරටත් ආර්ථික ව්‍යසනයට රැගෙන යාම වළක්වා ගැනීම සඳහා බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස එම සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර ඔමික්‍රෝන් ව්‍යාප්තිය ව්‍යසනයක් බවට පත්වීම වළක්වා ගැනීම සඳහා තවදුරටත් හැකියාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඔමික්‍රොන් ප්‍රභේදය මේ වන විට ලංකාවේ හමුවෙලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මේක සැරිසරනවා කියන එක කාටත් රහසක් නෙමේ. මේ වන විට අපි දන්නේ නෑ පසුගිය සතියක් වැනි කාලය තුළ නොයෙකුත් දේවල් පැවතුණා. ජනතාව ඒකරාශ්‍රී වුණා. ඒ අනුව මොන ආකාරයේ ප්‍රතිඵලයක් ඉදිරි සතියක් දෙකක් ඇතුළත ඇති වෙයිද කියලා දන්නේ නෑ.  නමුත් මට ලොකු විශ්වාසයක් තියෙනවා අපි සියලුදෙනා එක්රැස් වෙලා වගකීමෙන් කටයුතු කළොත් මේ ඔමික්‍රෝන් රෝගය ව්‍යවසනයක් නොවී අපිට කලමනාකරණය කර ගන්න පුළුවන් වෙයි කියලා. ඒ සම්බන්ධයෙන් අපට කරන්න තියෙන වැදගත්ම දේ තමා අපි සෞඛ්‍ය පුරුදු හැකි පමණින් අනුගමනය කරන එක”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37