AFC Banner
AFC Banner
Empty Ad

ඔංචිල්ලාවක ලණුවක් සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

මුලතිව්, සෙම්මලෙයි ප්‍රදේශයේදී ඔංචිල්ලාවක ලණුවක් ගෙළේ සිරවීමෙන් වයස අවුරුදු 10ක දරුවෙකු ඊයේ (20) සවස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ දරුවා ඔංචිලි පදිමින් සිටි අවස්ථාවේ ලණුව සිරවීමෙන් අනතුර සිදුවී ඇති බවයි.

ඥාතීන් විසින් දරුවා කඩිනමින් මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ මුලතිව් රෝහලේදී පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?