ඓතිහාසික විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස නම් කෙරේ (ඡායාරූප)

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15)දින ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්වැව පුරාණ රජමහා විහාරය.
  • පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොතුවටවන මහා විහාරය.
  • අම්පාර දිස්ත්‍රික්කයට අයත් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්පාර මුහුදු මහා විහාරය.
  • ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැද්දේගම රජමහා විහාරය.
  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උද්ධකන්දර රජමහා විහාරය.
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශ්‍රී සද්ධර්ම යුක්තික වන සෙනසුන.
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දඹදෙණිය ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය.
  • ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශාන්ති විහාරය.
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කබලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය සහ ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවාලය.
  • ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යාන් ඔය රජමහා විහාරය.
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාගර පුර සමුද්‍රගිරි වන සෙනසුන මෙලෙස පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව, මේ වන විට මෙරට පූජාභූමි ලෙස ප්‍රකාශයට පත් කර ඇති සමස්ත සිද්ධස්ථාන සංඛ්‍යාව 142ක් බවට පත් වෙයි.

බුද්ධ ශාසනය ආරක්ෂා කර ගනිමින් එය සුරක්ෂිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැපවී කටයුතු කරන බව මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් බෞද්ධාගමික අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව ද මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා ථෙරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන මහා විහාරයේ පුරාවිද්‍යාත්මක කැණීම් ආරම්භ කිරීම, මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට සහ මහනුවර ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයක් ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව ද සඳහන් කර සිටියා.

image 8
image 6
image 7
image 5
image 7
image 6
45ad1ed2 9335 4a2d ab05 4f5445fac000
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46