Empty Ad
Empty Ad
AFC Banner

ඒ කෙනා මට දැනෙන කෙනෙක් වෙන්න ඕනෑ. හරි වෙලාවට ඒ කෙනා ජීවිතයට එයි – රෂි ප්‍රභා සංදීපනී

දැන් රෂි අල්ලගන්නත් අමාරුයිනේ. ඒ ජයටම වැඩ නිසාද?
වැඩ නම් ටිකක් ජයයි. ඉඩෝර වැස්ස ටෙලි නාට්‍ය තාමත් විකාශය වෙනවා. පසුගිය දවස්වල ආණමඩුව ප්‍රදේශයේ දුෂ්කර පසුබිමක රූගත කිරීම් නිම කළා. නිරාශා, දූවිලි අහස, සිද්ධාර්ථ ගෞතම නාට්‍යවල රූගත කිරීම් කෙරෙනවා. සනත් අබේසේකර මහත්මයාගේ සහ ගිවන්ත අර්ථසාද්ගේ අලුත් නාට්‍ය දෙකක වැඩ කටයුතු පටන් ගත්තා. ඒ නාට්‍ය තාම විකාශය වීම ආරම්භ කළේ නැහැ.


රෂි වැඩත් එක්ක කාර්යබහුල වෙන්න කැමැති කෙනෙක්ද?
මම එහෙම ලොකුවට කාර්යබහුල වෙන්න කැමැති නැහැ. මම මගෙ පෞද්ගලික කාරණාවක් නිසා අවුරුද්දක් විතර වැඩ නොකර හිටියා. ඊට පස්සේ ගිය වසරේ මුල ඉඳන් තමයි ආපහු හොඳ වැඩ ටිකක් කරන්න ගත්තේ. ඉතිං දිගටම හොඳ වැඩ ටිකක් කරන්න ලැබුණා. පසුගිය කාලේ මට අසනීප වෙලා ආණමඩුව රෝහලේ ඉන්නත් වුණා. ඒත් කලින් කරලා තිබ්බ නිර්මාණ විකාශය වෙන්න ගත්ත නිසා ඒ නිර්මාණවල වැඩ කරන්න ගත්තා.


රාමුවකට කොටු නොවී එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරන්න රෂිට අවස්ථාව ලැබිලා තියෙනවා නේද? ඒ ඔබව එවැනි වෙනස් චරිතවලටම තෝරා ගන්න නිසාද?
මම තෝරා ගැනීමක් එක්ක වැඩ කරන්න කැමැතියි. ඒ වගේම මට විවිධ චරිත කිරීමේ රංගන පරාසයක් තියෙනවා කියලා හඳුනාගත්ත නිර්මාණකරුවන් මාව ඒ වගේ චරිතවලට තෝරා ගන්නවා. මාව මේ කාලේ විවිධ නාට්‍යවලින් පේන්න හිටියත් ප්‍රේක්ෂකයන්ට මාව එපා නොවෙන්නේ එකිනෙකට වෙනස් චරිතවලින් මම පේන්න ඉන්න නිසා.


පොලිස් ඇඳුම නිසා රෂි තාමත් තරුණයන්ගේ හීන කුමරිය වෙලා?
මම රාහු ටෙලි නාට්‍ය වෙනුවෙන් පොලිස් ඇඳුම ඇඳලා ගත්ත ඡායාරූපයට ගොඩක් අය තාමත් කැමැතියි. මගේ යාළුවන්ගේ පිරිමි යාළුවෝ පවා ඒ ෆොටෝ එක ගැන කිව්ව දේවල් මට එයාලා ස්ක්‍රීන් ෂොට් ගහලා එවලා තිබ්බා. ඇත්තටම ඒකට ලොකු ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් තිබ්බා. සමහරු මට ඉන්ස්පෙක්ටර් කියලා තමයි කතා කළෙත්.


වෙනස් වෙනස් චරිත අතරින් රෂිට මේ දවස්වල වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ මොන නිර්මාණ වෙනුවෙන්ද?
ගිය අවුරුද්දේ නම් මට වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ ‘රාහු’ නාට්‍යයේ ඉන්ස්පෙක්ටර්ගේ චරිතයෙන්. දැන් නම් වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ඉඩෝර වැස්ස නාට්‍යයේ මම කරන චරිතයට. ඒ ගැමි චරිතයට ගොඩක් අය ආදරෙයි. ඒක හරි ලස්සන චරිතයක් කියලා ක්‍ෂේත්‍රයේ අයගෙනුත් ප්‍රතිචාර ලැබෙනවා.


හොඳ ප්‍රතිචාර ලැබෙන නිසා ඒ චරිතය වෙනුවෙන් සම්මානනීය බලාපොරොත්තුවකුත් ඇති?
සම්මාන ගැන බලාපොරොත්තුවක් නැහැ. හැබැයි මේ නිර්මාණය දුෂ්කර පළාතක ගොඩක් කැපකිරීම් එක්ක කළේ. මම කළ කැපකිරීම ගැන මට සතුටුයි. එතැනින් එහාට සම්මාන ගැන නම් බලාපොරොත්තුවක් ලොකුවට තියාගෙන නැහැ. 

 
මෙතෙක් සම්මානනීය ඇගැයුම් නොලැබුණු නිසාද සම්මානනීය බලාපොරොත්තු නෑ කියන්නේ?
එහෙම නෙවෙයි. දැන් අපිට සම්මාන ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. මම කරන දේ ගැන මට විශ්වාසයක් තියෙනවා. කවදාහරි දක්ෂතාවට ඇගැයීමක් ලැබුණොත් සතුටුයි.


රෂි දැන් ක්‍ෂේත්‍රයට ඇවිත් කාලයක් වෙනවා. හැබැයි තාම ඔබට ජනප්‍රිය නිළිය සම්මානය ලැබුණේ නෑ. ඒ කියන්නේ රෂි තාම ජනප්‍රිය නෑ කියන එකද?
මම ඒක තාම දන්නේ නෑ. මම කරන දේවල් එක්ක ඒ දේවල්වලට ආදරය කරන පිරිස මම ළඟට ඇවිත් කතා කරන එක ජනප්‍රියත්වය නම් මට ඒක ලැබෙනවා. මට ඒ ඇති. සමහර සම්මාන උළෙලවල ජනප්‍රිය සම්මානයට නිර්දේශ වන සමහරු අපි දැකලාවත් නෑ. මම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතක් වෙනවා. මම පාඩුවේ වැඩක් කරගෙන ඉන්න කෙනෙක්. මම ගොසිප්වලින් නෙවෙයි මම කරන නිර්මාණවලින් කතාබහට ලක්වන කෙනෙක්. ඉතිං මම ලැබෙන දේ හරියට කරගෙන ඉන්නවා.


රෂි නිර්මාණයක් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවද?
ඔව්. මාව යම් නිර්මාණයකට තෝරා ගත්තොත් ඒ වැඩේ මම හරියට කරනවා. අපිට ලැබෙන දේ හරියට කළොත් තමයි තව වැඩකට හරි අපේ නම යෝජනා වෙන්නේ.


සිනමාවට එන්න රෂිට ආරාධනා ලැබුණේ නැද්ද?
මට චිත්‍රපටවලට ලැබුණු ආරාධනා ගැන මම සතුටු වුණේ නෑ. මම කරන පළමුවැනි චිත්‍රපටය හොඳ ප්‍රමිතියකින් යුත් නිර්මාණයක් වෙන්න ඕනෑ. එවැනි හොඳ අවස්ථාවක් ලැබෙනකල් බලාගෙන ඉන්නවා.


රෂි රඟපානවා, නිවේදන කටයුතු කරනවා, ගීත ලියනවා, නටනවා. තව මොනවද රෂිට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ?
මම මොන දේ කළත් සමබරව ඒ දේ කරගෙන යනවා. මම මේ අවුරුද්දේ වෙනස් විදියකට ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම මට තීරණාත්මක අවුරුද්දක් වෙයි. නවත්තපු උපාධියේ වැඩකටයුතුත් මේ වසරේ නැවැත ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


හා හා පුරා කියලා තේමා ගී රචනයටත් එකතු වුණානේ. කොහොමද ඒ හැකියාවට ලැබෙන ප්‍රතිචාර?
ඉඩෝර වැස්ස ටෙලි නාට්‍යයේ තේමා ගීතය ලිව්වේත් මම. ගොඩක් අය කියනවා දිගටම ලියන්න කියලා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හොඳ අවස්ථා ලැබුණොත් ඒ හැකියාවෙනුත් ප්‍රයෝජන ගන්නවා.


දැන් රෂිගේ ජීවිතේ විශේෂ කෙනකුත් ඇති නේද?
තාම හොයනවා. තාම හරියන කෙනා හමුවුණේ නැහැ.


හැබැයි රෂිට ආදර යෝජනාවල අඩුවක් නැතිව ඇති?
ආදර යෝජනාවලින් නම් අඩුවක් නෑ. ගෙදර අයත් බලාගෙන ඉන්නේ මට හරියන කෙනා හමුවෙනකල්. සාමාන්‍යයෙන්  මගේ හිත ගන්න ලේසි නැහැ.


රෂි කොයි වගේ කෙනෙක්ද හොයන්නේ?
ගොඩක් දේවල් මම හිතනවා. විශේෂයෙන්ම ඒ කෙනා මට දැනෙන කෙනෙක් වෙන්න ඕනෑ. හරි වෙලාවට ඒ කෙනා ජීවිතයට එයි.


තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?