Empty Ad
Empty Ad
AFC Banner

ඒඩ්ස් ගැන බය හිතෙන අනාවරණයක් – සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව සැලකිලිමත් වන්න (වීඩියෝ)

ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් වෛරසය (HIV) ආසාදිත රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ; 1987 වර්ෂයේ දී පළමු වරට මෙරටින් ඒඩ්ස් රෝගය හඳුනාගන්නා ලද අතර එදා සිට අද දක්වා සැලකිය යුතු මට්ටමේ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි.

ලංකාවේ HIV ආසාධනය සීඝ්‍රයෙන් ඉහළ යන බව ජාතික ලිංගාආශ්‍රිත රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්ෂකවරිය අනාවරණය කරයි.

2023 HIV වෛරසය ආසාදිත ආසාදිත වූවන් 5000ක් වාර්තා වුණු බවත්; තම කාර්‍යාංශය යටතේ ප්‍රතිකාර ලබන්නේ 3500ක පමණ ප්‍රමාණයක් බවත් සෙසු පිරිස ප්‍රතිකාර ලැබීම අවම මට්ටමක පවතින බව ද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්දයා කුමාරපේලි මහත්මිය ප්‍රකාශ කළා.

මේ වනවිට විශේෂිත අවදානම් කණ්ඩායම් අතර මෙම වෛරසය ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා.

ළමුන් අතර සහ කාන්තාවන් අතර HIV ආසාදනය ශීඝ්‍රයෙන් වර්ධනයක් නොවුණ ද, පිරිමි පුද්ගලයින් අතර (විශේෂ ලිංගික හැසිරීම් සහිත) මෙම රෝගය ඉතා ඉහළ මට්ටමක ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි වෛද්‍ය අධ්‍යක්ෂවරිය සඳහන් කරන්නේ.

මෙම අවදානම් පවතින්නේ පිරිමි – පිරිමි ලිංගික සම්බන්ධතා පවත්වන අය අතර මෙන් ම සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව අතර බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය පවසන්නේ.

ජංගම දුරකථන, නව තාක්ෂණය තුළින් තරුණ තරුණියන් නව ක්‍රමවේද සොයාගැනීමට නැඹුරුවීම, ලිංගික අධ්‍යාපනය අවම වීම ද ලිංගාශ්‍රිත රෝග වර්ධනයට හේතුවක් වී ඇති බව ද වෛද්‍ය වින්ද්‍යා මහත්මිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?