මෙම වසර තුළ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එළුවන් 70,000ක් ග්‍රාමීය අංශයේ රැකියා නොමැති මෙන්ම එළු පාලනයට කැමැති තරුණ ප්‍රජාව අතර බෙදා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මෙම වැඩ සටහන සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150ක්.
රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් ග්‍රාමීය අංශයේ සිටින අතර, ඔවුන්ට අමතර ආදායම් මාර්ග ලබාගැනීම සඳහා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ, සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ එළුවන් ලබාදීම හා එළු පාලනය සදහා අවශ්‍ය තාක්ෂණික ලබාදීම මෙන්ම එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන නැවත මිල දී ගැනීම සදහා ( Buy Back) පුද්ගලික අංශයේ සහයෝගය සළසා දීමට ද නියමිත බව සඳහන්.
ඒ අනුව මෙම වසර අවසන් වන විට එළුවන් 70,000ක් මෙලෙස ලබාදෙන අතර, 2024 වසරේ දී එම ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීම අරමුණ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම එළු පාලනය සදහා ඉඩකඩ ඇති දිස්ත්‍රික්ක කිහිපයක් පළමුවෙන් තෝරාගෙන එම දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාව අතර පළමුවෙන් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
වැඩි ආදායමක් උපයා ගත හැකි ජම්නපාරී, කොට්ටුකච්චි, බෝයර් හා සානන් වර්ගයන්ට අයත් එළු වර්ග මේ සඳහා සුදුසු බවට හඳුනාගෙන තිබෙනවා.














Kavindu Sathsara
කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ අනුරාධපුර දෙනවද 0767632969 මාත් කැමති ලැබෙනවනන්
“Katunayake erandi farm house”
Kiri ganna puluwan waragaye sathun wadiyen beda dunnoth hodai ekata jamunapari wage saththunta wada sanan alfine breed sathun sudusui
0756929406