එළුවන් සඳහා නව රක්ෂණ ආවරණයක්

එළුවන් සඳහා නව රක්ෂණ ආවරණයක් ලබාදීම කෘෂිකාර්මික හා ග්‍රාමීය රක්‍ෂණ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

එම මණ්ඩලයේ සභාපති එම්.එම්.බී.වීරසේකර විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පසුගිය සතියේ මේ බව දැනුම් දී ඇත්තේ කෘෂි රක්‍ෂණ මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව ද දැනුවත් කරමින්.

ඉදිරි වසර පහ තුළ එළුවන් 70,000ක් ජනතාවට ලබාදීමේ වැඩසටහන යටතේ බෙදාදෙන එළුවන් සඳහා මෙලෙස රක්ෂණයක් ලබාදීමට රජය කටයුතු යොදා තිබෙනවා.

රජය විසින් නොමිලේ එළුවන් ලබා දීමේ වැඩසටහන සඳහා මේ වසරේ රුපියල් මිලියන 150ක් වෙන් කර ඇති අතර බෙදා හරින ලද එළුවන් සඳහා රක්ෂණ ක්‍රමයක් ද හඳුන්වා දීමට නියමිතයි.

සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක් පමණ වටිනා එළුවන් මේ යටතේ රක්ෂණය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

රුපියල් 400ක වාර්ෂික රක්ෂණ දායකත්වයක් හිමිකරුවන් දැරිය යුතු අතර එළුවන් සොරකම් කිරීම හෝ හදිසි මරණයකදී රුපියල් 100,000ක උපරිම වන්දි මුදලක් හිමි වනු ඇති.

භෝග වර්ග හයක් සඳහා ගොවීන්ට නොමිලේ ලබාදෙන රක්ෂණයට සමගාමීව එළුවන් සඳහා ද රක්ෂණ ක්‍රමය හඳුන්වා දී ඇති බවයි කෘෂිකර්ම හා ග්‍රාමීය රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්