දෙසැම්බර් 23 සහ 24 යන දෙදින පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.
23 වන දින පාසල් දරුවන්ට නොමිලේ සත්වෝද්‍යානය නැරඹීම සඳහා අවස්ථාව ලබා දි ඇති අතර, 24 වන දින වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.










