AFC Banner
Empty Ad
Empty Ad

එළඹෙන වසරේ පාසල් සහ විභාග පැවැත්වීම ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති 02ක් ඇතුළත නිකුත් කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එමෙන්ම එළබෙන 2025 වසරේ සිට නියමිත පරිදි විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අද (14) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා.

මේ අතර ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි 20 වන දින ආරම්භකරන බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත්, සියල්ල ලබාදීමට සූදානම් බව ද මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
4
+1
37
+1
5
+1
6
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?