එළඹෙන මැතිවරණය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ කිසිදු ප්‍රචාරක කටයුත්තකට තමන් සම්බන්ධ නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබෙනවා.

මන්ට වරසක් ලැබී ඇත්තේ ඡන්දය පැවැත්වීමට නොව වසර දෙකක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගැනීමට බව සඳහන් කළ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එම වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටකත් සූදානම් නොමැති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම කරුණු දැනුම්දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹදී හමුවූ අවස්ථාවේදීයි.

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේ නම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බවයි රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකයන්ට දැනුම්දී ඇත්තේ.

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළ කිසිදු කටයුත්තකට තමන් සහභාගී නොවන බව ද ඔහු අවධාරණය කළා.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයට සහභාගී වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් සියයට 40ක් නව මුහුණු දැමීම සුදුසු බවට තම මතය වන බවයි ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ.

මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් පළාත් පාලන ආයතන සඳහා පත්වන සභිකයන් හාර දහසකට පමණක් පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන්කර ඇති අතර ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන බවට දැනුම්දිය යුතුව ඇතැයි ද ජනධිපතිවරයා ප්‍රකාශකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34