එස්.එම්ගේ බඩ ඉරිඟු බීජ නඩුවේ අධි චෝදනා භාරදෙයි

දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අද (02) කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා භාරදීම සිදුකෙරුනා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණා.

අධි චෝදනා භාරදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 02ක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබාදීම රජයේ වියදමින් ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ කිලෝ ග්‍රෑම් 36,000ක් ජනාධිපතිවරණයේ දී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාදීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට අල්ලස් කොමිසම ඔහුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුව ජුලි මස 22 වනදා කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29