spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එලවළු මිල ඉහල යාමෙන් ව්‍යාපාර අඩාල වෙයි

පසුගිය දිනවල පැවති දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දේශිය වෙළදපොලේ යලිත් එලවළු මිල ඉහල යාම හමුවේ තම එලවළු වෙලදාම අඩු වි ඇති බව එලවළු තොග සහ සිල්ලර වෙලෙදුන් කියා සිටියි.

වෙලදසැලට අවශ්‍ය එලවළු තොග ලබා ගැනිම සදහා විශාල පිරිවැයක් දැරිමට සිදු වන බවත්,ඒ සදහා තමන්ට ලැබෙන ලාභ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස පහත වැටි ඇති බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ.

බෝංචි කිලෝවක් රු 600 , කැරට් රු 400 , මාළු මිරිස් රු 800 , වම්බටු රු 400 , ගෝවා රු 320 , ලික්ස් රු 240 , බිට් රු 200 , බණ්ඩක්කා රු 200 , පතෝල රු 280 , වැටකොළු රු 320 , කරවිල් රු 400 , අළු කෙසෙල් රු 200 , නුවරඑලිය අර්තාපල් රු 400 , අමු මිරිස් රු 500 ක් සහ නයි මිරිස් රු 1600 වැනි සිල්ලර මිලකට අලෙවි වන බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ.

දේශිය වෙලදපොලේ කැකිරි කිලෝවක් රු 120 , පිපිඤ්ඤා රු 160 වැනි අවම සිල්ලර මිලකට පැවතියද ඒ සදහා විශාල ඉල්ලුමක් නොතිබෙන බවත්, මඤ්ඤොක්කා කිලෝවක් රු 140 වැනි මිලකට අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?