නෝර්වේ හිටපු කාලගුණ සහ පරිසර අමාත්‍ය එරික් සොල්හයිම් මහතා අද (12) කොළඹ දී මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
එම හමුවේදී වර්තමානයේ අප රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවා.
එමෙන්ම නෝර්වේජියානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ආරාධනයක්ද එතුමා සිදුකළා.
එහිදී සොල්හයිම් මහතා පැවසුවේ නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවට සිය උපරිම සහයෝගය ලබා දෙන බවයි.

















