එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා

එමී සම්මාන උළෙලේ දී සම්මානයක් දිනාගත් ලාබාලතම නළුවා බවට පත්වන්නට ඕවන් කූපර් සමත් වුණා.

තාමත් 15 හැවිරිදි වියේ පසුවන ඕවන් කූපර් මෙම සම්මානය දිනාගත්තේ ‘ඇඩොලසන්ස්‘ නාට්‍ය මාලාවේ දැක්වූ දක්ෂ රංගනය හේතුවෙන්.

Netflix කතා මාලාවේ ජේමි මිලර් ලෙස රඟනයෙන් දායකවන 15 හැවිරිදි මෙම ලාබාල නළුවා පැවසුවේ තමා නාට්‍ය පන්ති ආරම්භ කළේ මීටවසර කිහිපයකට පෙර බවයි.

මෙම වසර මුලදී Netflix හි වැඩිපුරම නරඹන ලද ලැයිස්තුවේ ආධිපත්‍යය දැරූ ‘ඇඩොලසන්ස්‘ නාට්‍යය, පන්තියේ මිතුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 හැවිරිදි පිරිමි ළමයෙකු වට ගෙතී තිබෙනවා.

මේ අතර මෙවර එමී සම්මාන උළෙලේදී හොඳම කැපී පෙනෙන ප්‍රහසන උත්පාදන නළුවා ලෙස සෙත් රෝගන් සහ හොදම ප්‍රහසන උත්පාදන නිළිය ලෙස ජීන් ස්මාර්ට් සම්මාන දිනාගත්තා.

එමී සම්මාන උළෙල රූපවාහිනී වැඩසටහන් නිර්මාණය සඳහා පවත්වන්නක් වන අතර, එය පී බොඩි සම්මාන උළෙලට සමානකම් දක්වනවා.

එමෙන්ම එමී සම්මාන උළෙල විනෝදාත්මක වැඩසටහන් සඳහා ද වැඩි අවධානයක් යොමු කරන අතර එය රූපවාහිනී ක්ෂේත්‍රයේ ඔස්කාර් සම්මාන උළෙල ලෙසයි හැඳින් වෙන්නේ.

මෙවර එමී සම්මාන උළෙල පැවැත් වුණේ 77 වන වරටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34