එන්නතින් 79,000කට අතුරු ආබාධ

‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු හටගන්නා සෞඛ්‍ය ගැටලු සඳහා වන්දි ලබා ගැනීමට, ඕස්ට්‍රේලියානුවන් 10,000 ක් ලියාපදිංචි වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියානුවන්ට ලබා දෙන එන්නත්, හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කර ඇත්තේ, එරට ඖෂධ පාලන අධිකාරියයි. එන්නත ලබා ගැනීමෙන් පසු සෞඛ්‍ය ගැටලු ඇති නම්, අදාළ වෛද්‍ය වාර්තා සමඟ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව ඖෂධ පාලන අධිකාරිය ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දී ඇත.

ඒ අනුව, මේ වනවිට එන්නත් ලබා ගැනීමෙන් පසු මතු වුණු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි 79,000 ක් ඖෂධ පාලන අධිකාරියට ලැබී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 10,000 ක පිරිසක් ලියාපදිංචි වී සිටින්නේ මෙම 79,000 අතරිනි.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ මේවනවිට එන්නත් මාත්‍රා මිලියන 36.8 ක් එරට වැසියන්ට ලබා දී ඇති අතර, එන්නත් ලබා ගැනීමෙන් 9 දෙනකු මියගොස් ඇතැයි ද පැවැසෙයි. එන්නත ලබා ගැනිමෙන් පසු සෞඛ්‍ය ගැටලු මතුවූයේ යැයි පැමිණිලි කළ වැඩි දෙනා අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් ය.

ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ ‘ෆයිසර්’ සහ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත්ය. ‘ෆයිසර්’ එන්නත් ලබාගත් 288 දෙනකුගේ හෘදයට හානි සිදුවී ඇති බවටත්, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගත් 160 රුධිර කැටි ගැසීම් නිසා රෝගී වී ඇති බවටත් පැමිණිලි ලැබී තිබේ.

යම් කිසි ඕස්ට්‍රේලියානුවකුට එන්නත් ලබා ගැනීමෙන් පසු සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදුවූයේ නම්, ඒ වෙනුවෙන් වන්දි ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර් 5,000 ක මුදලක් ලබා දෙන බව බලධාරීන් පවසා තිබේ. ලැබෙන පැමිණිලි විමර්ශනයට විශේෂ වෛද්‍ය කමිටුවක් ද පත් කර ඇත.

ඒ අනුව ඕස්ට්‍රේලියානු රජයට ගෙවීමට සිදුවනු ඇතැයි පැවැසෙන මුලු වන්දි මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 37) බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?