එක් ලක්ෂයකට අධික අයිස් සමඟ මෝදර දී අයෙක් කොටු

මෝදර පොලිස් වසමේ මෝදර වීදිය, කොළඹ 15 ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී රුපියල් එක්ලක්ෂ විසිදහසකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) සිදුකළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝදර පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?