Empty Ad
Empty Ad
AFC Banner

එක්ස්ප්‍රස් පර්ල් නඩුව යළිත් කල් යයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ විමර්ශනවලට භාජනය වී තිබෙන ඊමේල් පණිවිඩවලට අදාළ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ පැමිණිල්ල යළි අප්‍රේල් මස 29 වනදා කැඳවන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

මෙම පැමිණිල්ල අද (03) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සේවකයින් 07දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනවල දී ඇතැම් ඊමේල් පණිවිඩවලට අදාළ දත්ත මකාදමා තිබෙන බවට කරුණු අනාවරණය වී ඇති බව පවසා තිබෙනවා.

මෙම ප්‍රශ්නගත ඊමේල් පණිවිඩවලට අදාළ දත්ත රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විද්‍යාගාරයේ තිබෙන දත්ත ගබඩාවේ රඳවා තිබෙන බවත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම දත්ත ගබඩාව අක්‍රිය වී ඇති බැවින් එම පිටපත් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

පෞද්ගලික සමාගමක සේවය ලබාගෙන එම දත්ත ගබඩාව පිළිසකර කිරීම සඳහා රුපියල් එක්කෝටි විසිඑක්ලක්ෂයක පමණ මුදලක් වැය වන බවට ගණන් බලා තිබෙන බැවින් එම පිළිසකර කටයුතුවලින් පසුව අදාළ දත්ත පිටපත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.

ඒ අනුව එම කටයුතු ඉටුකිරීම සඳහා මාස තුනකට වැඩි කාලයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීමට දැඩි විරෝධය පළකළ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි සරත් ජයමාන්න, අනුර මැද්දෙගොඩ යන ජනාධිපති නීතිඥවරු සමග කරුණු දැක්වූ සෙසු නීතිඥවරු කියා සිටියේ මේ ආකාරයෙන් කල් ඉල්ලා සිටීම දැඩි අසාධාරණ බවයි.

මෙම සිද්ධීන්වලට අදාළ විමර්ශන කටයුතු අවසන්වීමට පෙර නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ගත් පියවර නිවැරදි නොවන බව සඳහන් කළ එම නීතිඥවරුන් මෙම සැකකරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටියා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මෙහෙස්ත්‍රාත්වරයා ඉදිරි නඩු දිනවලදී මෙම නඩුකරයේ සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් පමණක් පෙනී සිටීම ප්‍රමාණවත් බව සඳහන් කළා.

එහෙත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව දැනුම්දෙන අවස්ථාවක සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් විය යුතු බවත් මහෙස්ත්‍රාත්වරයා කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් - සජිත් රටේ බලය අල්ලන ප්ලෑන් එක මෙන්න - සජබයේ ප්‍රබලයෝ හදිසියේ කළුතරදී රැස්වෙයි
08:08
Video thumbnail
ඇමති නාමල් ජීවිත අවධානම හිතන්නේ නැතුව අදත් වහපු මෝලකට යයි
12:28
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57

?