එක්සත් ජාතින්ගේ සංවිධානයේ දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම සාර්ථකව අවසන්

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (Humanitarian Priorities Plan – HPP) සමාප්තිය සනිටුහන් කිරීම ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹදී සිදු කෙරුණා.

ශක්තිමත් දේශපාලන නායකත්වය සහ ව්‍යසන තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් දැක්වූ කඩිනම් ප්‍රතිචාරය හේතුවෙන් දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ආරම්භ කළ මානුෂීය සහනාධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මෙහිදී පෙන්වා දුන්නා.

ශක්තිමත් ජාතික නායකත්වයක් සහ සඵලදායී හවුල්කාරිත්වයක් තුළින් අර්බුදකාරී අවස්ථාවකදී වඩාත් සාධාරණව සහ කාර්යක්ෂමව ජනතාවට සහන සැලසිය හැකි බව ශ්‍රී ලංකාව ඔප්පු කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙහිදී අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කඩිනමින් සැපයූ නිවැරදි දත්ත සහ තක්සේරු කිරීම් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා වැදගත් වූ බවත්, ඉදිරියේදී පැමිණිය හැකි මෙවැනි ස්වභාවික ආපදාවලට ඔරොත්තු දීම සඳහා බහුවිධ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීමටත්, ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් ආයතනික සම්බන්ධීකරණය තවදුරටත් පුළුල් කිරීමටත් රජය කටයුතු කරමින් සිටින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

විවිධ රටවල් සහ හවුල්කරුවන් විසින් දක්වන ලද නොමසුරු සහ කඩිනම් සහායද අගය කරමින් ඊට කෘතවේදීත්වය පළ කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා, අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීමට සහ සහන සේවා කටයුතු කඩිනම් කිරීමට උපකාරී වූ සියලු රාජ්‍ය ආයතනවල මැදිහත්වීමද අගය කරනු ලැබුවා.

එක්සත් ජාතීන්ගේ දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ ඩොලර් මිලියන 35.4ක් දිට්වා විපතට පත්වූවන් වෙනුවෙන් එක්රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබිණි.එම මුදලින් 75%ක ‍සහනාධාර මෙරට විපතට පත්වූවන් වෙනුවෙන් ලබා දී ඇති අතර, එහිදී විපතට පත් එක් පවුලක් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් රුපියල් 27,000ක දීමනාවක්ද, තාවකාලික නිවාස ඉදිකිරීම් ඇතුළු සහනාධාර රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ දිස්ත්‍රික්ක 25ක් ආවරණය වන පරිදි ක්ෂේත්‍ර 9ක් ඔස්සේ ජනතාවට සහන සැලසීමට පියවර ගෙන තිබේ. එහිදී ලක්ෂ 6.5කට අධික ඉලක්කගත ජනගහනයෙන් 87%කට, එනම්, පුද්ගලයින් 575,000කට සෘජුවම සහන සැලසීමට හැකි වී ඇති බව නිල වාර්තා පෙන්වා දෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ) කේ. ජී. ධර්මතිලක මහතා සහ විදෙස් රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පිරිසක්ද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන්, ජාත්‍යන්තර සහන සංවිධානවල නියෝජිතයන් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැදගම ගිනි ඇවිලෙයි - මුළු පළාතම උණුසුම් වෙයි
02:33
Video thumbnail
කෘෂිකර්මාන්තයට වටිනා කලදසාවක් උදාවෙනවා..රජයේ ගබඩාවලටම වී දෙන්න ඕනි නෑ පෞද්ගලික අංශයටත් දෙන්න
06:13
Video thumbnail
රජය විධායක නිලධාරීන් මුදල් අමාත්‍යාංශය වටලයි - දැවැන්ත උද්ඝෝෂණයක්
01:18
Video thumbnail
බුලත් ප#යට හෙ#ණ ගැහුවම කිල්ලෝටය ගැන මොන කතාද ?බයවෙන්න එපා අපි මේ රට හදනවා
05:58
Video thumbnail
ගමටත් කිරි දුන්න මහින්දගේ පුතා 2029 දී එන්න යන්නේ - නාමල දැන් පිපීගෙන එන්නේ
04:01
Video thumbnail
අමාරුවෙන් අදත් අධිකරණයට ආපු ඩේසි ආච්චි....
00:33
Video thumbnail
සුපිරි රිය ගි# තිබ්බ සිද්ධිය ගැන මව හෙළිකළ දේ - පර්චස් 6යේ ගෙදර සර්ට ලියලා දෙන්න කියලා බලපෑම්
05:42
Video thumbnail
රාජපක්ෂ පවුලේ සෙට් එකට ආණ්ඩුවෙන් රතු එළි - නාමල් ලොක්කෝ පමාවී හෝ ඔයාලා ළඟට එනවා
05:34
Video thumbnail
ජනතාව තෘප්තිමත් වන නායකත්වය ජනපති අනුරව - ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත 62.8%ක්
08:06
Video thumbnail
නුවන් බැල්ලන්තුඩාවගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ප්‍රභාලා ගාව දණ#හපු අය තමයි මේ
17:14