එක්කෝටි විසි ලක්ෂයකට අධික රට බඩු සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

විදේශීය රටකින් මෙරටට ගෙන්වන ලද රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් , කටුනායක ගුවන් තොටුපළෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී ගිනි අවි පෙන්වා එම ව්‍යාපාරිකයයෙකු සමඟ පැහැර ගෙන ගිය තිදෙනෙකු එම භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගැනුණු බව කටුනායක පොලිසිය පවසනවා.

කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු මෙරටට ගෙන් වූ මෙම භාණ්ඩ තොගය පසුගිය 2022 වසරේ දෙසැම්බර් 21 දින රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළෙන් නිදහස් කරගෙන වෑන් රථයකින් රැගෙන යමින් සිටිය දී කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී පහර ගැනීමකට ලක්ව තිබෙනවා.

වෑන් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් ගිනි අවි පෙන්වා බයකර මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කැමරා ආම්පන්න, වාහන අමතර කොටස් , රත්තරන්, රෑපලාවන්‍ය උපකරණ ඇතුළු තවත් භාණ්ඩ වර්ග රැසක් මෙලෙස කොල්ල කා තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන සිදුකළ පොලිසිය කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී මෙවැනි භාණ්ඩ තොගයක් අලෙවි කිරීමට සැරසෙන පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අනතුරුව මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාගේ සහායිකාවක ලෙස කටයුතු කළ ව්‍යාපාරික කාන්තාව සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාපාරිකයාගේ සහායිකාවක ලෙස කටයුතු කළ කාන්තාව මෙම මංකොල්ලකෑම සැළසුම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34