එකම පවුලේ හත් දෙනෙකුගෙන් පස්දෙනෙකුම සිය දිවි නසාගෙන

එප්පාවල සඳරැස්ගම ප්‍රදේශයේදී නිවසක් තුළ 24 හැවිරිදි තරුණයකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක්.

ඔහු ගාල්ල ප්‍රදේශයේ රැකියා ස්ථානයේ සිට එප්පාවල නිවසට පැමිණ අද මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම සිදුවීම වන අවස්ථාවේ කිසිවකුත් නිවසේ රැඳී සිට නොමැති අතර දහවල් 12ට ආසන්න වේලාවක තරුණයා දිවි හානි කරගෙන ඇති බවට සැක කෙරෙනවා.

අසල නිවසක කාන්තාවක් ඔහු ගෙළ වැළලාගෙන සිටින බවට කළ දැනුම්දීමක් මත ප්‍රදේශවාසීන් පොලිසියට මේ පිළිබඳව දැනුම්දී තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිය සොයුරා සමඟ බහින් බස් වී මෙම තරුණයා දිවි නසා ගෙන ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සියදිවි නසාගත් තරුණයාගේ සහෝදරයන් තුන් දෙනෙකු සහ සහෝදරියක් මීට පෙර සිය දිවි නසා ගෙන ඇතැයි පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

ඒ අනුව එම පවුලේ පස්වැන්නා ලෙසටයි මොහු සියදිවි හානි කර ගෙන ඇත්තේ.

මීට වසර කිහිපයකට පෙර මෙම තරුණයාගේ සහෝදරියක් සහ සහෝදරයෙකු තලාව ප්‍රදේශයේදී දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබූ බව සඳහන්.

එමෙන්ම මෙම තරුණයා සියදිවි නසාගත් නිවස පිහිටි ගෙවත්තේ අඹ ගසක ගෙළ වැළලාගෙන තවත් සහෝදරයෙකු සියදිවි නසා ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තරුණයා ගෙළ වැළලාගත් කාමරයේම ඔහුගේ තවත් සහෝදරයෙකු සිය දිවි නසා ගෙන ඇති බවටත් පොලිසියට කරුණු හෙළිවී තිබෙනවා.

ඒ අනුව එම පවුලේ සහෝදර සහෝදරියන් 07 දෙනෙකුගෙන් පස් දෙනෙකුම වරින් වර සියදිවි නසා ගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය විමර්ශණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47