එකට විසූ ජෝඩුව විරසක වූ හැටි – කත මරුට

කුලියාපිටිය පොලිස් වසමේ ගලහිටියාව ප්‍රදේශයේ දී කාන්තාවක් ඊයේ (08) ඝාතනය කර ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන අරඹා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි ශාන්ත මැතිව් මාවත, ඒකල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි.

මරණකාරිය මීට මාස 04කට පමණ පෙර සිට සැකකරු සමග තාවකාලිකව නිවසක පදිංචිව සිට ඇති අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ගෙළ සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

වයස අවුරුදු 35 ක් වන සැකකරු පොලිස් ස්ථානය වෙත පැමිණ ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?