එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස නැට් ස්කයිවර් බ්‍රන්ට් පත් කර තිබෙනවා.
ඇය බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග සඳහා සිය ප්‍රසූති නිවාඩුවෙන් පසුව නායකත්වයේ වැඩ භාරගන්නා බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.
තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන බ්‍රන්ට් අළු බඳුන ක්‍රිකට් තරගාවලියෙන් පසුව 09 වසරකට මත්තෙන් හෙදර් නයිට්ගේ උප නායකයා ලෙස කණ්ඩායමේ කටයුතු කළා.
කෙසේවෙතත් එම අළු බඳුන ක්‍රිකට් තරගාවලිය එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත් වුණා.
2013 දී සිය මංගල තරගය ආරම්භ කළ දා සිට බ්‍රන්ට් විවිධ ආකෘති ඔස්සේ 259 වතාවක් තම රට නියෝජනය කර තිබෙනවා.
ටෙස්ට් තරගවලදී 46.47 ක සාමාන්‍යයක්, එක්දින තරගවලදී 45.91 ක සාමාන්‍යයක් සහ විස්සයි20 තරගවල දී 28.45ක සාමාන්‍යයක් ලබාගෙන ඇති ඇය ජාත්‍යන්තර කඩුලු 181 ක් දවාගෙන තිබෙනවා.















