එංගලන්තය හමුවේ ඇෆ්ගනිස්තානය පරාජය වෙයි

අද (22) පැවැති ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේදී පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 112ක් රැස් කළේය. පන්දුවාර 19යි පන්දු 04 තුළ ඇෆ්ගනිස්තානයේ සියලුදෙනා දවාගැනීමට එංගලන්ත පන්දුයවන්නන් සමත් වුණා

ඒ අනුව තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 113කි.පන්දුවාර 18.1ක් අවසානයේ ලකුණු 113ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත පිතිකරුවන්ට හැකිවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?