AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්ත නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව එංගලන්ත නව අග්‍රාමාත්‍යවරයා සිය කැබිනට් මණ්ඩලය නම්කර තිබෙනවා.

එංගලන්ත නව අග්‍රාමාත්‍ය කම්කරු පක්ෂයේ නායක ශ්‍රීමත් කීර් ස්ටාර්මර් 25 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් මෙලෙස නම්කර ඇති අතර, එම කැබිනට් මණ්ඩලයේ 11 දෙනෙක් කාන්තාවන් වීම ද විශේෂත්වයක්.

ශ්‍රීමත් කීර් ස්ටාර්මර් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නව අමාත්‍ය මණ්ඩලය අද (06) දිනයේ දී පළමුව රැස්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර මැතිවරණ ජයෙන් පසු සම්ප්‍රදායට අනුව නව අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මර් බකිංහැම් මාලිගයට ගොස් තෙවැනි චාල්ස් රජු හමුව තිබෙනවා.

එහිදී රජයක් පිහිටුවීමට හැකි බව දැනුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ලෙස අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසට පැමිණ ජාතිය අමතනු ලැබුවා.

බ්‍රිතාන්‍යය නව මඟකට යොමු කරන බවත්, බ්‍රිතාන්‍යය යළි නගා සිටුවීමට කටයුතු කරන බවත්, පක්ෂයට පෙර රට යන සංකල්පයට අනුව කටයුතු කරන බවට්ය්හ් ඔහු මෙහි දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?