එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියට ෂිම්රොන් හෙට්මයර් කැඳවයි

එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වන එක්දින තරගාවලිය සඳහා මුල් පෙළ පිතිකරුවකු වන ෂිම්‍රොන් හෙට්මයර්ව (Shimron Hetmyer) කැඳවා තිබෙනවා.

මෙම තරගාවලිය හෙට (31) ආරම්භ වන්නේ එක්දින තරග තුනකින් සමන්විතව ඇන්ටිගුවාහි දීයි.

නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගණයේ දී දෙරට අතර පළමු එක්දින තරගය පැවැත්වෙන අතර ඒ සඳහායි හෙට්මයර්ව නැවත කැඳවා ඇත්තේ.

ශ්‍රී ලංකාව සමග පැවති එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලි ද්විත්වයෙන් ම පරාජය ලැබූ කොදෙව්වන් මේ වනවිට සිය මව්බිමට පැමිණ ඇති අතර ඇලික් අතනාසේ වෙනුවටයි හෙට්මයර්ව සංචිතයට එක් කර තිබෙන්නේ.

හෙට්මයර් අවසන් වරට එක්දින ක්‍රීඩා කළේ 2023 දෙසැම්බර් මාසයේදීයි.

ඒ එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබූ තරගාවලියේදීයි.

මෑතකදී CPL තරගාවලියේ ද ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පස්වන ස්ථානයට හිමිකම් කියන හෙට්මයර් හට පෞද්ගලික හේතූන් මත ශ්‍රී ලංකා සංචාරය අහිමි වුණා.

ෂායි හෝප් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර, ශ්‍රී ලංකා තරගාවලිය අවසානයේ සිය මංගල තරගයට ක්‍රීඩා කළ 17 හැවිරිදි පිතිකරු ජුවෙල් ඇන්ඩෘ ද සංචිතයට එංගලන්තයට එරෙහිව නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53