හෙට්ටිපොළ පොලිස් වසමේ මගුලාගම ප්‍රදේශයේ දී කාන්තාවකට සහ දැරියකට වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී එම දැරියි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (27) රාත්‍රී කාලයේ දී මෙම වෙඩි තැබීම සිදු ව ඇති අතර 09 හැවිරිදි හෙට්ට්පොළ ප්‍රදේශයේ ම පදිංචිකාරිණියක් මෙලෙස මියගොස් ඇති බවයි.
මියගිය දැරිය මිත්තණිය සමග නිවසේ රැඳී සිටියදී අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ දී වෙඩි වැදී තිබෙනවා.
තුවාල ලැබූ අනිත් කාන්තාව මියගිය දැරියගේ මිත්තණිය බවයි වාර්තා වන්නේ.
අපරාධයට සම්බන්ධ බෝර 12 වර්ගයේ ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.
සැකකරුව අත් අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.