උ.පෙළ, ශිෂ්‍යත්ව විභාග පිළිබඳ දැනුම්දීමක්

අවස්ථා කීපයකදී කල කල්දැමුණු උසස් පෙළ සහ ශිෂ්‍යත්ව ( 2022 ) විභාග දෙසැම්බර් මුල් සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභායය දෙසැම්බර් 04 ( ඉරිදා ) දිනයේදී ද දෙසැම්බර් 05 වැනිදා සිට 2023 ජනවාරි මුල දක්වා උසස් පෙළ විභාගය ද පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය .

මෙම විභාග දෙක සඳහා සිසුන් ලක්ෂ අටක පමණ පිරිසක් සහභාගි වීමට නියමිතය . මේ වසරේ මාර්තු මස පැවැති සාමාන්‍ය පෙළ ( 2021 ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 15 වැනිදා සිට පැවැත්වීමට නිමිතයි . එය දින 10 ක් පමණ පැවැත් වේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?