Empty Ad
Empty Ad
AFC Banner

උසස් විලාසිතා අත්දැකීමක් සමග Fashion Bug කොල්ලුපිටියේ දී යළි විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විලාසිතා නාමයක් වන Fashion Bug සිය නවීකරණය කරන ලද කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව උත්සවාකාරව යළි ඊයේ (21) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් විවෘත කර තිබෙනවා.

Fashion Bug කළමනාකාරීත්වය සඳහන් කළේ; අවුරුදු 25කට වැඩි කාලයක් සිය ප්‍රධාන ශාඛාව කොළඹ විලාසිතා ප්‍රිය කරන්නන්ට සේවය සැපයූ අතර මේ වනවිට සිදුකර ඇති වෙනස්කම් සමගින් වෙනදාටත් වඩා උසස් සේවාවක් සැපයීමට මෙම වෙළෙඳසැල නවීකරණය වීමත් සමග සූදානම් බවයි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරමින් Fashion Bug විසින් සියලු දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි Tinsel & Tidings නත්තල් එකතුව ද ඊයේ දිනයේ දී එළිදැක්වුණා.

මේ සඳහා විශේෂ අමුත්තන් රැසක් සහභාගී වූ අතර Miss Sri Lanka for Miss World 2024 අනුදි ගුණසේකර, සහ Face of Asia 2024 ජූලියා සොනාලි විසින් නත්තල් සමය සඳහා වූ නවතම විලාසිතා එකතුව හඳුන්වාදෙනු ලැබූ බවයි වාර්තා වන්නේ.

නත්තල් විලාසිතා එකතුව දැකගැනීමට පැමිණි විලාසිතා ප්‍රියකරන්නන්, ප්‍රසිද්ධ චරිත, සහ fashion influencers ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාව මනරම් උත්සවශ්‍රීයක් ඉසිලූ බව ද වාර්තා වනවා.

1994 වසරේදී සාමාජිකයින් 7 දෙනෙකුගේ කණ්ඩායමකින් ආරම්භ කළ Fashion Bug මේ වනවිට දහසකට අධික කාර්යමණ්ඩලයක් සහ දිවයින පුරා ශාඛා 14කින් යුත් ප්‍රමුඛ පෙළේ නාමයක් බවට පත්ව සිටින බව ප්‍රසිද්ධ රහසක්.

අද වනවිට දේශීයව නිර්මාණය කළ විලාසිතා ප්‍රදර්ශනය කරන අතරම ලොව වටා නවතම විලාසිතාවන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ ද පුරෝගාමී විලාසිතා නාමයක් ලෙසින් Fashion Bug දේශයේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරයක්.

මේ වනවිට පාරිභෝගිකයින්ට උසස් අත්දැකීමක් ලබා ගත හැකි කොල්ලුපිටිය ප්‍රධාන වෙළඳසැළට පිවිස නව විලාසිතා අතර ගැවසෙමින් නවතම අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට උදා වී තිබෙනවා.

උත්සව සමයට විලාසිතාමය අසිරියක් එක් කරන Fashion Bug නවතම විලාසිතා එකතුව වන Tinsel & Tidings නත්තල් එකතුව ළඟදීම දිවයින පුරා Fashion Bug ශාඛාවලින් මිල දී ගත හැකිවනු ඇති.

උත්සව සමයට වැඩි වටිනාකමක් එක් කිරීමට Fashion Bug සිය පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය වට්ටම් රාශියක් ද ලබාදීමට බලාපොරොත්තු වන බවත් මේ සම්බන්ධව නවතම විස්තර සඳහා Fashion Bug සමාජ මාධ්‍ය පිටුව සමග සම්බන්ධ වන ලෙසත් එහි කළමනාකාරීත්වය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?