උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අවසන්වූ පසු සිසුන්ට වෘත්තීය පුහුණුව

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, මෙවර උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූ වහා ම උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තීය පුහුණු පාඨමාලා දීපව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන බවයි.

ඉදිරියේ දී පවත්වනු ලබන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ද විභාගය අවසන් වීමෙන් පසු වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ගෙන් 50%කට වැඩි පිරිසක් මෙම පාඨමාලා සඳහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ගිංතොට සහිරා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමින්.

මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයෙන් පසු පාසල් පොකුරු සංකල්පය ද භාවිත කරමින් ආරම්භ කරන මෙම වෘත්තීය පුහුණු පාඨමාලාව පැවැත්වීම වැනි මානව සම්පත් කළමනාකරණ පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවීම මගින් මෙරට තරුණ පරපුරේ රැකියා විරහිතභාවය අවම කර නවෝත්පාදන බලගන්වා තාක්ෂණික වෘත්තීය ක්ෂේත්‍රයේ වර්ධනයක් අපේක්ෂා කරන බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියාසිටියා.

එය රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික සමාජ අභියෝගයන් ජයගැනීමට පිටුබලයක් වනු ඇති අතර අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයේ එක් සංධිස්ථානයක් වනු ඇති බව ද හෙතෙම සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34