උසස් පෙළ විභාගය හෙට – විභාග වංචා වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (25) ආරම්භ වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඒ, සඳහා විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීමේ කටයුතු අද (24) දිනයේ දී සිදුකරන බවයි කොමසාරිස්වරයා සඳහන් කළේ.

මෙවර විභාගය වෙනුවෙන් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319ක සහාය ඇතිව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,312ක් ස්ථාපිත කර තිබෙනවා.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව යම් අපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ක්‍රියාත්මක වීමට සූදානමින් සිටින බවයි අපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 333,185 දෙනෙකු සුදුකම් ලබා ඇති අතර.
ඊට පාසල් අයදුම්කරුවන් 253,390ක් ඇතුළත්.

මෙවර විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති පෞද්ගලික අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 79,795ක්.

මේ අතර විභාග වංචා වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

හෙට ආරම්භවන විභාගය දෙසැම්බර් මස 20 වනදා දක්වා පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40