අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින 03ක් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දින තුනකින් කල් දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 27 වැනි දා සිට දෙසැම්බර් 03 දක්වා මෙවර උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.
නොවැම්බර් මස 26 වැනි දින සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින තුනක් උසස්පෙළ විභාගය කල් දැමීමට තීරණය කෙරුණු අතර මේ අනුව සම්පූර්ණ දින 06ක කාලයක් උසස්පෙළ විභාගය කල් යනු ඇති.
මීට පෙර තීරණය කර තිබුණේ නොවැම්බර් මස 27 වන අද, හෙට (28) සහ අනිද්දා (29) යන තෙදින පමණක් විභාගය නොපැවැත්වීමටයි.
එම කල් දැමෙන විභාග දින තුන දෙසැම්බර් මස 21,22,23 යන තෙදින තුළ දී පැවැත්වීමටයි සැලසුම් සකස් කෙරුණේ.
නමුත් ඒ ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ජ්‍යේෂ්ඨ අධ්‍යාපන බලධාරීන් එක්ව සිදු කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් සහ ආපදා කළමනාකරණ නිලධාරින් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර කෙරුණු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස දරුවන්ගේ මානසික මට්ටම සලකා බලා ඉදිරි විභාග කටයුතු සැලසුම් කරන ලෙසටයි ජනාධිපතිවරයාගෙන් බලධාරීන්ට උපදෙස් හිමිවූයේ.
එම උපදෙස් ප්‍රකාරව තවත් දින තුනකින් විභාගය කල් දැමීමට එකඟ වූ අතර දෙසැම්බර් මස 04 වැනි දින විභාගය පැවැත්වෙන්නේ එදිනට කාලසටහනේ නියමිත විෂයයන් පමණක් බවත් විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
කල් දැමුණු විෂයන් සියල්ල ම දෙසැම්බර් මස 21,22 සහ 23 යන අමතර දිනවල දී සැලසුම් කෙරුණු පරිදි පැවැත්වෙනු ඇති.