උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 27 වනදා සිට

අ.පො.ස. උසස් පෙළ විභාගයේ (2023) ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ට සෞන්දර්ය සහ තාක්‍ෂණවේදය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව දේශීය නැටුම්, භරත නැටුම් සහ පෙරදිග සංගීතය ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි 06 වැනිදා දක්වා පැවැත්වෙනවා.

ඉංජිනේරු තාක්‍ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන්නේ ජූලි මස 12 වැනිදා සිට ජූලි මස 21 වැනිදා දක්වායි.

ජෛව පද්ධති තාක්‍ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ ජූලි මස 29 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.

WhatsApp Image 2023 06 16 at 11.28.39 AM