AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ ප්‍රතිඵලය දැක සිසුවා දිවි නසාගෙන

2023 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල පැමිණි කුරුණෑගල ප්‍රදේශයේ සිසුවෙක් පසුගිය දා සියදිවි හානිකරගෙන තිබෙනවා.

සිය මවගේ සාරියක් යොදාගෙන ගෙළ වැළලාගෙන මෙම සිසුවා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාල වරම් නොලැබීම හේතුවෙන් සිත් තැවුලට පත්ව මෙම සිසුවා මෙලෙස දිවි හානිකරගෙන තිබෙනවා.

මෙම සිසුවා 2022 වසරේ පළමුව උසස් පෙළට පෙනී සිට ඇති අතර, එහිදී විශ්වවිද්‍යාල වරම් නොලැබිම හේතුවෙන් පසුගිය වසරේ දී දෙවන වරට උසස් පෙළ විභාගයට පෙනීසිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහුට එහිදී හිමිව ඇත්තේ එක් C සාමාර්ථයක් සහ S සාමාර්ථ දෙකක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
43
+1
27
+1
21
+1
181
+1
16
+1
11
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?