උසස් පෙළ ප්‍රතිඵලය දැක සිසුවා දිවි නසාගෙන

2023 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල පැමිණි කුරුණෑගල ප්‍රදේශයේ සිසුවෙක් පසුගිය දා සියදිවි හානිකරගෙන තිබෙනවා.

සිය මවගේ සාරියක් යොදාගෙන ගෙළ වැළලාගෙන මෙම සිසුවා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාල වරම් නොලැබීම හේතුවෙන් සිත් තැවුලට පත්ව මෙම සිසුවා මෙලෙස දිවි හානිකරගෙන තිබෙනවා.

මෙම සිසුවා 2022 වසරේ පළමුව උසස් පෙළට පෙනී සිට ඇති අතර, එහිදී විශ්වවිද්‍යාල වරම් නොලැබිම හේතුවෙන් පසුගිය වසරේ දී දෙවන වරට උසස් පෙළ විභාගයට පෙනීසිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහුට එහිදී හිමිව ඇත්තේ එක් C සාමාර්ථයක් සහ S සාමාර්ථ දෙකක්.

  1. දෙමාපියන් දරුවන්ට ඕනවට වඩා විභාගේ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලා දරුවන්ට හැගීයාම නිසා, ඔවුන් පීඩනයට පත්වෙනවා. ඒ දුක මේ ලෙස එලියට එනවා.
    හැමවෙලේම දරුවන්ට පරාජය පිලිගන්න උගන්නන්න . ඒ පරාජය තුලින් වෙන පැත්තකින් ජයගන්න යොමුකිරීම තුලින්, ඒ වගේම ඒ ගැන කුඩාකාලයේ පටන් පුහුණු කිරීමෙන් , අනුන් පරයා නැගීසිටීමේ මානසිකත්වය ද ඇති නොකිරීමෙන් , තමන්ට ඉදිරියටම යා හැකි දේ හදුන්වාදීමෙන් මේ ව්‍යසනය වලක්වාගත හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34